පුවත්

අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවයි

Published

on

ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පවසයි.

මෙම කාලය තුළ දී එම ආයතන ප්‍රධානීන් කිසිදු පරිපාලන තීරණයක් නොගත යුතු බව ඔහු පැවසුවේය.

ඇතැම් මණ්ඩලවලට මේ වන විටත් නව සභාපතිවරුන් පත් කර තිබේ.

ඉදිරියේ දී සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සඳහා සුදුසු ප්‍රධානීන් අදාළ අමාත්‍යවරුන් විසින් පත් කරන බව ඔහු සඳහන් කරයි.

ඒ අනුව පවතින තත්ත්වය හමුවේ ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවන බව රජය මේ වන විට නිවේදනය කර තිබේ.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා පැවසුවේ නව සභාපතිවරුන් සහ ආයතන ප්‍රධානීන් පත් කිරීම නව අමාත‍්‍යවරුන්ගේ කාර්යභාරයක් බවය.

Trending

Exit mobile version