අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය හැකර්වරුන්ගේ ග්‍රහණයට හසුවීම නිසා එය තාවකාලිකව නඩත්තු කටයුතු සඳහා ක්‍රියා විරහිත කර තිබේ.
Anonymous EEE නමැති නිර්නාමික පුද්ගලයෙකු විසින් අදාළා ප්‍රවේශ වීම සිදුකර තිබූ බව අදාළ වෙබ් අඩවියෙහි සටහනක් යොදමින් දක්වා තිබිණි.
තමන් A/I සිසුවෙක් බවට ද එහි සටහනක් විය.
එම වෙබ් අඩවිය හැකරුන්ගේ ග්‍රහණයට හසුව ඇත්තේ මේ 2023 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස පළමු සතිය වනවිට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල්ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර තිබියදීය.
ඔහු මේ බව කියා සිටියේ, කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන මස පැවැත්වීමට සැලැසුම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී කීය.