මේ වන විට අධිකරණවල ගොඩ ගැසී ඇති නඩු හැකි ඉක්මණින් විසදීමට වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසයි.
නඩු ගොනු විශාල ප්‍රමාණයක් ගොඩ ගැසි ඇති බව, අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළ අතර, ගොඩ ගැසී ඇති නඩු ගොනු සංඛ්‍යාව පිළිබඳ නිෂ්චිත තොරතුරු අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බවද පැවසීය.
ඇතැම් අධිකරණවල දැනට පුරප්පාඩු වී පවතින විිනිෂ්චයකාරවරුන් බඳවාගැනිමට පියවර ගෙන ඇති බව ද සඳහන්ය.