එළඹෙන ජනාධිපතිවරණයේදී එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් අපේක්ෂකයෙකු හට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද (16) දිනයේ ලබා දීමට නියමිත බව පැෆ්රල් සංවිධානය පවසයි.
එම සංවිධානයේ එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කර සිටියේ, මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර අද පැවැත්වෙන සාකච්ඡාවකදී මෙම තීරණය ගනු ඇති බවය.
2024 ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම ඊයේ (15) සිදුකලේය.
මැතිවරණ කොමිසම පැවසුවේ ඇප තැබු අපේක්ෂකයින් 40 දෙනා අතුරින් 39 දෙනෙකු නාමයෝජනා භාරදුන් බවය.