පුවත්

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

Published

on

2024 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (13) පැවැත්වීමට නියමිතව තිබේ.

අයවැය තෙවන වර කියවීමේ විවාදය නොවැම්ර් 22දා සිට ආරම්භ වුණු අතර ඒ අනුව අද පස්වරු 6.00ට එහි ඡන්ද විමසීම පැවැත්වේ.

පසුගිය නොවැම්බර් 13 වනදා 2024 වර්ෂය සඳහා වන අයවැය විසර්ජන කෙටුම්පත මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

ඉන් අනතුරුව නොවැම්බර් 21 වනදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවති අතර එදින පස්වරුවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණි.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 122 ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 77කි.

Trending

Exit mobile version