පුවත්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්වෙයි

Published

on

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.කේ.විජේරත්න මහතා අද (07) පස්වරුවේ එම ධූරයෙන් ඉල්ලා අස් වෙන බවට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දී තිබේ.

ඒ, ඔහුගේ පත්කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් අයදුම්පත් තුනක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදීමත් සමඟය.

නව දූෂණ විරෝධී පනතේ විධිවිධානවලට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී. විජේරත්න මහතා පසුගිය අප්‍රේල් මාසයේදී පත්කරන ලදී.

Trending

Exit mobile version