විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා අද (09) සිට ලබන 12 වැනිදා දක්වා කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වෙයි.
ඒ, දෝහා සංසදයේ සමුළුවට සහභාගී වීම සඳහා ය.
දෝහා සංසදය යනු, කටාර් රාජ්‍යය විසින් අනුග්‍රහය දක්වන ගෝලීය වේදිකාවකි.
ලෝකය මුහුණ දෙන තීරණාත්මක අභියෝග සාකච්ඡා කිරීම සඳහා නායකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් එක්ව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම එහි අරමුණයි.
මෙම සංචාරයේදී විදේශ අමාත්‍යවරයා, කටාර් අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඩුබායි වෙත ගිය සබ්‍රි මහතා ලංකාවට පැමිණියේ ඉකුත් සතියේය.
සබැඳි පුවත්
අලි සබ්‍රි සවුදියට!
සබ්‍රි ඇතුළු දූත පිරිස බීජිං වෙත ළගාවෙයි (ඡායා)
සබ්‍රි – ජයශංකර්ව හමුවෙයි!
ජනපති සැප්තැම්බර් 21දා ජගත් සමුළුව අමතයි