පුවත්

අලි සබ්රි රහීම් ඉවත් කරන්න යෝජනාවක්

Published

on

නීතිවිරෝධි ලෙස රත්‍රන් මෙරටට රැගෙන ඒමේදී රේගු අත්අඩංගුවට පත්ව රු. මිලියන 7.5 ක දඩ මුදලක් ගෙවීමෙන් පසු මුදාහැරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට සිය කැමැත්තෙන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට යෝජනාවක් අද (26) පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් ගෙනආ එම යෝජනාව ස්ථිර කර ඇත්තේ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසිනි.

එසේම මෙම යෝජනාවට ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් ද සහාය පළකර තිබුණි.

ඒ අනුව ඉදිරියේදී පාර්ලිමේන්තුවේ අනෙකුත් සියලුම මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට යොමුකිරීමට පක්ෂ නායක රැස්වීමේදී එකඟත්වය පළවූ බව වාර්තා වෙයි.

Trending

Exit mobile version