පුවත්

අලුතෙන් ෆෝන් ගනිද්දි IMEI අංකය බලන්නැයි රජය කියයි

Published

on

ජංගම දුරකථනයක් මිලදීගැනීමේදී අදාළ දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකථනයක්ද යන්න තහවුරු කරගත යුතු බව එහි අනුකූලතා අධ්‍යක්ෂ මේනකා පතිරණ පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මේනකා පතිරණ වැඩිදුරටත් පවසන්නේ ඕනෑම ජංගම දුරකථන ජාලයක් ඔස්සේ කෙටි පණිවුඩයක් යොමුකිරීමෙන් ඒ බව තහවුරු කරගත හැකි බවය.

ඒ සඳහා කළ යුතු වන්නේ IMEI ලෙස ටයිප් කර හිස්තැනක් තබා අංක 15කින් යුතු IMEI අංකය ටයිප් කර 1909ට කෙටි පණිවුඩයක් යොමුකිරීම පමණි.

Trending

Exit mobile version