පුවත්

ආර්ථික අර්බුදයට හේතුව රට පාලනය කළ ආණ්ඩු

Published

on

දශක ගණනාවක් රට පාලනය කළ ආණ්ඩුවල ක්‍රියාකලාපය හේතුවෙන් ආර්ථික අර්බුදය හටගෙන ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මේ හේතුවෙන් හටගෙන ඇති ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේ දී දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සිදුව ඇති බවද ඔහු පෙන්වාදෙයි.

එහි ප්‍රතිඵල ලෙස පොලී අනුපාතය ඉහළ දැමීම ආදී තීරණ ක්‍රියාත්මක කිරීමට සිදුවන අතර එය සෘජු ලෙස පැනවීම සිදුවන්නේ ආර්ථික අර්බුදයට වගකිව යුතු ආණ්ඩුවලට නොව රටේ ජනතාවට බව හෙතෙම පෙන්වා දෙයි.

මේ හේතුවෙන් අවසානයේ ජනතාව සෘජු බලපෑමට ලක් වන බව කොළඹ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.

Trending

Exit mobile version