පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වූ මහාචාර්ය ආශු මාරසිංහ මහතා නැවතත් එම තනතුරෙහි පිහිටුවීමට ජනධිපතිවරයා පියවර ගෙන තිබේ.
ඔහු මෙසේ නැවත එම තනතුරට පත්කර ඇත්තේ පසුගිය 31 වැනිදා සිටය.
ආශු මාරසිංහගේ පෙම්වතිය යැයි පැවසෙන ආදර්ශා කරඳන නමැත්තියගේ සුරතල් සුනඛයා ලිංගික හිංසනයට ලක්කර ඇති බවට චෝදනා එල්ල කරමින් ඒ සම්බන්ධ වීඩියෝපටයක් සමාජ මාධ්‍යජාල හරහා පසුගිය දිනවල සංසරණය විය.
එහි බලපෑමෙන් මහාචාර්ය ආශු මාරසිංහ තම තනතුරුවලින් ඉල්ලා අස්විය.
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ආදර්ශා කරඳන සමග මාධ්‍ය හමුවක් කැඳවමින් සත්ත්ව අපයෝජනය පිළිබඳව ආශු මාරසිංහ වෙත චෝදනා එල්ල කළේය.
එම මාධ්‍ය අනාවරණය හේතුවෙන් ජනතාව නොමග යැවීමෙන් අයුතු ආකාරයෙන් මහජන මතයක් මහාචාර්ය ආශු මාරසිංහට එරෙහිව ගොඩනැගුණු බව පවසමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගෙන් රුපියල් මිලියන 500ක් සහ ආදර්ශා කරඳනගෙන් රුපියල් බිලියනයක මුදලක් වන්දි ලෙස ඉල්ලා ආශු මාරසිංහ විසින් එන්තරවාසියක්ද යොමුකර තිබේ.
මූලාශ්‍රය – අරුණ