පුවත්

ඇඩ්‍රස් නැති බදුල්ලට අළුතින් ඇඩ්‍රස්

Published

on

බදුල්ල දිස්ත්‍රික්කයේ මෙතෙක් නම්කර නොමැති සියලු මාර්ග නම්කිරීමටත් නිවාස සඳහා අංක සහිතව ලිපින ලබාදීමටත් වැඩිපිළිවෙළක් ආරම්භ කර තිබේ.

නිසි ලිපිනයක් නොමැතිවීම හේතුවෙන් සම්මුඛ පරික්ෂණ, පත්වීම් ලිපි යනාදී ලිපිලේඛන නොලැබීම නිසා අපහසුතාවකට පත්වූ බොහෝදෙනා තමා වෙත පැමිණිලි කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම වැඩපිළිවෙළ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පළාත් පාලන ආයතන විසින් ක්‍රියාත්මක කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.

මේ අතර බදුල්ල ප්‍රාදේශීය තැපැල් අධිකාරී ඒ.ජී. සමන් මහින්ද මහතාද මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

“එකම නමින් කීපදෙනෙක් සිටීම, නිවාස අංකයක් නොතිබීම මෙන්ම ලිපිනයන් ඇති අය පවා නිවැරැදි ලෙස සම්පූර්ණ ලිපිනය සටහන් නොකිරීම නිසා ලිපි හා පාර්සල් ඔවුන් වෙත ලබාදීමේ බරපතළ ගැටලුක් ඇතිවී තිබෙනවා. ලියුම් බෙදන්නන් බොහෝ වෙහෙස වී ඒවායේ අයිතිකරුවන් සොයා ගන්නා නමුත් එසේ සොයාගත නොහැකිවූ අවස්ථාවන්හි ඒවා නැවත තැපැල් කාර්යාලවලටම රැගෙන යනවා.”

Trending

Exit mobile version