පුවත්

ඇමතිලා 2කක් කප්පම් ඉල්ලූ කතාවක් ද. කොරියානු හා ඕස්ට්‍රේලියානු තානාපතිවරු විජිතට කියලා

Published

on

පසුගිය ආණ්ඩු සමයන්හි මෙරටට පැමිණි දකුණු කොරියානු හා ඔස්ට්‍රේලියානු අයෝජකයන්ගෙන් හිටපු ඇමැතිවරුන් කප්පම් මුදල් ඉල්ලීම නිසා ඔවුන් මෙරට ආයෝජන අත්හැර දමා එම ආයෝජන ඉන්දියාවට හා වියට්නාමයට රැගෙන ගිය බව මෙරට සිටින දකුණු කොරියානු හා ඔස්ට්‍රේලියානු තානාපතිවරු විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාට නිල වශයෙන් පැමිණිලි කර ඇති බව දේශය පුවත්පත හෙළිකර තිබේ.

පසුගියදා විදේශ අමාත්‍ය විජිත හේරත් හමුවූ දකුණු කොරියානු තානාපති මියොන් ලී සහ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටිවන් මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබූ බවද පැවසේ.

මෙහිදී දකුණු කොරියානු තානාපතිවරයා වැඩිදුරටත් කියා තිබුණේ මුතුරාජවෙල සිට කටුනායක ගුවන් තොටුපොළට ඉන්ධන නළ මගින් ගෙන යාමට කැඳවන ලද විවෘත ටෙන්ඩරය සිය රටේ ආයෝජකයකු දිනාගත් නමුත් නොදන්නා හේතුවක් නිසා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවසරය නොදුන් බවය.

(දේශය)

Trending

Exit mobile version