ලබන වසරේ සිට දෛනිකව ඉන්ධන මිල වෙනස්කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවිකරුවන්ගේ සංගමය සමග පැවති හමුවකදී විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කර ඇත.
එසේම මෙම හමුවේදී ඉන්ධන බෙදාහැරීම, ඉදිරි සංවර්ධන කටයුතු සහ නව ඉන්ධන පිරවුම්හල් පිළිබඳ ගැටලු සාකච්ඡා කර ඇත.
තවද ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ස්වයංක්‍රීය පරිගණකගත මෙහෙයුම් පද්ධතියකට ගොනු කිරීමට මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.
මේ පිළිබඳ අමාත්‍යවරයා සිය x ගිණුමේ සටහනක් තබමින් ද සඳහන් කර ඇත.