ඇල්ල – කිතල්ඇල්ල වන රක්ෂිතයට සහ කිනලන් ෆයිනස් වගාවට හොර රහසේ ගිනිතැබූ පුද්ගලයකු අද (26) සැකපිට අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කළේ, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්ල – කිනලන් වත්ත ලැයිම් අංක 13 හි පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු බවය.
පවතින අධික වියලි දේශගුණික තත්ත්වයත් සමඟ මේ දිනවල බදුල්ල දිස්ත්රික්කයේ විවිධ පුද්ගලයන් විසින් ප්රදේශ රැසක වන රක්ෂිත, ලදු කැළෑ, පතන් වලට ගිනිතබා විනාශ කරන බවත් පොලිසිය පවසයි.
ඇල්ල – කිනලන් ෆයිනස් වගාවට හොර රහසේ ඇතුලු වී මොහු ගිනිපෙට්ටියක් ද අතැතිව එම රක්ෂිතයට ගිනිතබන අවස්ථාවේ වන රක්ෂිතයේ රැකවලෙහි නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් මෙම සැකකරු මෙසේ අත්අඩංගුවට ගනු ලැබිණැයි පොලිසිය සදහන් කලේය.