පුවත්

ඇසළ පෙරහර අවසන් දිනය අදයි

Published

on

වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (30) විථි සංචාරය කිරීමට නියමිතව ඇත.

ශ්‍රී දළදා මාලිගාවේ උතුරු දිසාවෙන් රාත්‍රී 7.03ට ගමන් අරඹන ඇසළ පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය හා ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් නිමා කිිරිමට නියමිත බව දියවඩන නිලමේවරයා සඳහන් කරයි.

පසුව සිවු මහා දේවාලවල දේව පුජා පවත්වන අතරම අලුයම් කාලයේදී දිය කැපුම් මංගල්‍යය සඳහා කටුකැලේ වීදිය හරහා ගැටඹේ තොටට යෑම සිදු කරයි.

ඒ අනුව දිය කැපුම් මංගල්‍යය හෙට(31) අලුයම් කාලයේදී  සිදුකිරිමට නියමිතය.

Trending

Exit mobile version