පුවත්

ඇස්ප්‍රින් කාණ්ඩ දෙකක් භාවිතයෙන් ඉවතට

Published

on

නියමිත ප්‍රමිතියට නොමැති වීම හේතුවෙන් රජයේ රෝහල්වල භාවිත කරන ඇස්ප්‍රින් ඖෂධයේ කාණ්ඩ 02ක් භාවිතයෙන් ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් අංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මීට අදාළ චක්‍රලේඛය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශවලට අනුව වෛද්‍ය සැපයුම් අංශය විසින් නිකුත් කර ඇති බවද පැවසේ.

රජයේ රෝහල්වල භාවිත කරන ඇස්ප්‍රින් ඖෂධයේ සාම්පල කිහිපයක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරීක්ෂාවට පසුගියදා ලක්ව ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ එම ඖෂධ පෙතිවල අඩංගු ඇස්ප්‍රින් නමැති එහි ප්‍රධාන සංඝටකය තුළ ඇසිටයිල් සැලිසිල්ක් අම්ලය නියමිත ප්‍රමාණයට නොමැති බවයි.

ඒ අනුව එම කාණ්ඩ 02ට අයත් ඇස්ප්‍රින් ඖෂධ සියල්ල රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති අතර, ඊට අදාළ චක්‍රලේඛය සියලු රෝහල් වෙත නිකුත් කිරීමට කටයුතු කර තිබේ.

Trending

Exit mobile version