ඉන්දියානු වාහන නිෂ්පාදකයන්ගේ සංගමයේ දහ අට සාමාජික නියෝජිත පිරිසක් 2025 මාර්තු 17 සහ 18 දෙදින ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. වාණිජ වාහන, මගී වාහන, යතුරු පැදි සහ ත්‍රී රෝද රථ ඇතුළු සියලු වාහනවල ප්‍රමුඛ පෙළේ නිෂ්පාදක සමාගම්වල නියෝජිතයන් මේ පිරිසට අයත් විය.
සංචාරය අතරතුර නියෝජිත පිරිස කර්මාන්ත සහ ව්‍යවාසකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ කර්මාන්ත සහ ව්‍යවාසකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා හමු විය.
මෙයට අමතරව එම පිරිස මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමයේ සාමාජිකයන් ද හමු විය.
නියෝජිත පිරිස නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් වෛද්‍ය සත්‍යාංජල් පාණ්ඩේ මහතා හමු වී ශ්‍රී ලංකාව තුළ ඉන්දීය වාහන සමාගම්වල මෙහෙයුම් පිළිබඳව එතුමා දැනුවත් කළේය.
මෙම සංචාරය වාහන ක්ෂේත්‍රය තුළ සහයෝගීතාවය සහ සංවර්ධනය ඉහළ නංවමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරයි.