ඉන්දීයාවෙන් මෙරටට ඩීසල් දුම්රිය එන්ජින් 20ක් ගෙන්වීමට නියමිත බව වාර්තා වේ.
මෙලෙස ගෙන්වීමට නියමිත වන්නේ එරට දුම්රිය පද්ධතිය විදුලියෙන් ක්රියාත්මක කිරීමත් සමඟ භාවිතයෙන් ඉවත් කළ එන්ජින් 20කි.
එම දුම්රිය එන්ජින් මෙරට දුම්රිය මාර්ගයන්හී ධාවනය කළ හැකිද යන්න පසුගියදා ඉන්දියාවට ගිය දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් කණ්ඩායමක් පරීක්ෂා කර තිබුණ බවද වාර්තා වේ.
ඒ අනුව එම දුම්රිය එන්ජින් 02ක් පෙබරවාරි මාසයේදී ගෙන්වීමට නියමිතය.