ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට සමගාමීව තම ඉන්ධන කෝටාව ද ඉහළ දමන ලෙස ධීවරයෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
ඔවුන් පෙන්වා දෙන්නේ, සලාක ක්‍රමයට ලැබෙන භූමිතෙල් ප්‍රමාණය කිසිසේත් තම රැකියාව කරගැනීමට ප්‍රමාණවත් නොවන බවයි.
තංගල්ල, ඔරුවැල්ල ධීවර තොටුපොළ කේන්ද්‍ර කරගනිමින් ධීවර ඔරු සහ එක් දින යාත්‍රා 100ක් පමණ ධීවර කටයුතුවල නිරත වේ.
මින් යැපෙන ධීවර පවුල් සංඛ්‍යාව 500කට අධිකයි.