ඉන්සියුලින් එන්නත අධි මාත්‍රාවක් සිය බිරිඳට ලබා දී ඇයව ඝාතනය කිරීමට උත්සාහ කළ බවට පැවසෙන වෛද්‍යවරයෙකු සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ලෙයාර්ඩ්ස් පාර, කොළඹ 05 ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර, මෙම රෝගීවීම සැකසහිත බවට බම්බලපිටිය පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන අරඹා ඇත.
කාන්තාව පරීක්ෂා කර වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඉන්සියුලින් ඖෂධය අධි මාත්‍රාවකින් ලබාදීම හේතුවෙන් ඇය මෙසේ අසනීප වී ඇති බවයි.
මෙම කාන්තාවගේ සැමියා විසින් ඉන්සියුලින් ඖෂධය අධි මාත්‍රාවකින් ලබාදී ඇති බවට හෙළි වීමෙන් සැකකාර සැමියා ඊයේ දින (30) බම්බලපිටිය පොලිසියේදී අත්අඩංගුවට පත් වී තිබේ. 33 වියේ පසුවන සැකකරු ත්‍රිකුණාමලය මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු බවට පොලිසිය පවසයි.
සැකකරු විසින් ඖෂධය ශරීරගත කිරීමට භාවිතා කළ බවට සැකකෙරෙන සිලින්ජර් කටුවක්ද ඔහුගේ නිවසේ තිබී සොයාගෙන ඇති බවත්, ඔහු දින කිහිපයකට පෙර මෙම ඖෂධය ශරීරගත කර ඇති බවද විමර්ශන වලින් අනාවරණය වී ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි.