පුවත්

උඩරට දුම්රිය ගමනාගමනයට බාධා

Published

on

උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල හා උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය  මාර්ගයට අ‌ද(01) අලුයම ගල් සමග පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට  බාධා සිදුවී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

පැවති අධික වර්ෂාවත්  සමග මෙසේ පස් සහ ගල් පර්වත කොටස් කඩා වැටී ඇත.

උඩරට මැණිකේ දුම්රිය අද අලුයම 5.45ට බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී එහි රියදුරු විසින් පස් කඳු  කඩා වැටුනු ස්ථානය ඈතදීම දුටු නිසා වහාම දුම්රිය නවත්වා, සිදුවීමට ගිය විශාල අනතුරක් වලක්වා ගත් බවයි දුම්රිය මගීන් පවසන්නේ.

 දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කිරීම මේ වන විට සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

Trending

Exit mobile version