මෙවර පැවැත්විමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගයේ කාලසටහන අද (14) දින විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
ඒ අනුව 2023 අ.පො.ස උසස් පෙළ විභාගය නොවැම්බර් 27 වැනිදා සිට දෙසැම්බර් 21 දක්වා පැවැත්විීමට නියමිතය.
එමෙන්ම උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා මිට පෙර පාසල් වාර 06ක් හිමි වු නමුත් මෙම සිසුන් හට දින 343ක කාලයක් තුළ පාසල් වාර 07ක ඉගෙනුම් කටයුතු සඳහා අවස්ථාව හිමි වී ඇත.