පිට පළාතක ආදායම් බලපත්‍රයක් සහිත වාහනයකින් සබරගමුව පළාතේ ධාවනය කළ නොහැකි බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය වීඩියෝ පටය සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
මෙලෙස පරීක්ෂණයක් ආරම්භ කර ඇත්තේ කෑගල්ල පිංදෙණිය පොලිසියට අනුයුක්ත කාන්තා උප පොලිස් පරීක්ෂකවරියකට බව කෑගල්ල දිසාවේ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.
මධ්‍යම පළාතේ පුද්ගලයෙකු ගමන් කළ වාහනයක් පිංදෙණිය ප්‍රදේශයේදී නවතා පරීක්ෂාවට ලක්කළ උප පොලිස් පරීක්ෂකවරියක් එම වාහනයේ හිමිකරුට පවසා තිබුණේ පිටපළාතක වාහනයක් වෙනත් පළාතක ධාවනය කළ නොහැකි බවය.
අදාළ වාහනයේ හිමිකරු විසින් ජංගම දුරකතනයෙන් වීඩියෝ කරගෙන තිබුණු අතර එම වීඩියෝ පටය සමාජ මාධ්‍යට මුදාහැරීමෙන් පොලිසිය දැඩි ලෙස විවේචනයට ලක්විය.