පුවත්

ඔබේ වාහනයෙත් දේශපාලන ස්ටිකර් තියෙනවා ද?

Published

on

වාහනවල දේශපාලන ප්‍රචාරණ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, ඉදිරියේ දී එම දැන්වීම් ගලවා ඉවත් කිරීමට කටයුතු කරන බවය.

රථවල දේශපාලන පක්ෂවල ප්‍රචාරණ දැන්වීම් ඇලවීම නීතිවිරෝධි ක්‍රියාවක් බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වනවිටත් පොලිසිය දැනුම්වත් කර ඇති බව ද නිහාල් තල්දූව මහතා කියා සිටියේය.

පොලිසිය මැදිහත්වී එම දැන්වීම් ගැලවීමට යාමේ දී වාහනයට හානි සිදුවිය හැකි බැවින් හිමිකරුවන් ඒවා ඉවත් කිරීමට කටයුතු කරන ලෙසටයි ඒ මහතා ඉල්ලීමක් කළේය.

Trending

Exit mobile version