සීමාසහිත ටෙස් (පෞද්ගලික) සමාගම වෙත මත්ස්‍ය පිරිසැකසුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා ඔලුවිල් ධීවර වරාය තුළ පහසුකම් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
ඔලුවිල් ධීවර වරාය පරිශ්‍රයේ ප්‍රයෝජනයට නොගෙන පවතින මත්ස්‍ය පිරිසැකසුම් යන්ත්‍රාගාරය නැවත සක්‍රීය කරමින් මත්ස්‍ය පිරිසැකසුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා මෙම සමාගම වෙත ඔලුවිල් ධීවර වරාය තුළ පහසුකම් ලබා දීමට මීට පෙරද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති අදාළ බදු කුලිය මාසිකව අය කිරීමට යටත්ව, ඔලුවිල් වරාය සංකීර්ණයේ පිහිටි මත්ස්‍ය පිරිසැකසුම් ඒකකය සීමා සහිත ටෙස් (පෞද්ගලික) සමාගම වෙත වසර 10ක කාල සීමාවක් සඳහා බදු පදනම මත ලබා දීම් පිණිස ධීවර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.