පුවත්

ඔස්ට්‍රේලියාවට ගංවතුරෙන් දැඩි හානි

Published

on

ඔස්ට්‍රේලියාවට බලපෑ ගංවතුර තත්ත්වයෙන් විනාශ වූ දේපළ නැවත පිළිසකර කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 800ක් වෙන් කිරීමට එරට රජය තීරණය කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ වයඹ දිග පෙදෙස්වලට මෙවර වැසි සමයේ දී වාර්තාගත වර්ෂාපතනයක් පතිත වූ අතර අඛණ්ඩ වර්ෂාවත් සමග ඇති වූ ගං වතුර ආපදාවෙන් ජීවිත හානි මෙන්ම දේපළ හානි රැසක් වාර්තා විය.

මේ අතර, එරට අගමැතිවරයා පවසා ඇත්තේ මෙවැනි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා විශේෂිත ව්‍යාපෘතියක් සකස් කළ යුතු බවයි.

ඒ සඳහා ගං වතුර අවදානම් සහිත ප්‍රදේශවල නිවාස 2,000ක් පමණ සම්බන්ධ කර ගැනීමට යෝජිත බව සඳහන් වේ.

Trending

Exit mobile version