ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඒකාබද්ධ රාජ්‍ය සමාගමක් බවට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වේ.
රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව ලබාදුන් උපදෙස් අනුව අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන ඇතැයි ද පැවසේ.
මේ වන විට රූපවාහිනී සංස්ථාව රුපියල් මිලියන 1300ක්ද, ගුවන්විදුලි සංස්ථාව රුපියල් මිලියන 800ක්ද ණය ගෙවීමට ඇතැයි වාර්තා වෙයි.
එසේම මෙම ආයතන දෙකේ විදුලි බිල මසකට රුපියල් මිලියන 60ක් පමණ වන බවද පැවසේ.
ආයතන දෙකෙහි වැටුප් සඳහා රුපියල් මිලියන 100ක් පමණ වැය වන බවත්, ඊට අවශ්‍ය අරමුදල් පවා උපයා ගැනීමට මෙම ආයතනවලට අසීරු වීම හේතුවෙන් අදාළ ආයතන දෙක ප්‍රතිව්‍යුහගත කොට ඒකාබද්ධ රාජ්‍ය සමාගමක් බවට පත් කළ යුතු යැයි අමාත්‍ය මණ්ඩලය තීන්දු කර තිබේ.
මේ ආයතන දෙකේම සමස්ත සේවක සංඛ්‍යාව 1100ක් පමණ වන බවද සඳහන්ය.
තත්ත්වය මෙසේ තිබියදී රූපවාහිනී සන්ස්ථාවේ 42 වැනි සංවත්සරය වෙනුවෙන් එහි වත්මන් පාලකයන් රූ රේඩියෝ නමින් වෙබ් රේඩියෝවක් ආරම්භ කිරීමට සැලැසුම් කර තිබිණි.
පසුව එහි සේවක විරෝධය හේතුවෙන් එය තාවකාලිකව අත්හිටුවීමට රූපවාහිනී සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා එහි සේවකයන්ට පොරොන්දු වී තිබිණි.
සබැඳි පුවත්:
සේවක විරෝධය නිසා රූපවාහිනියේ වෙබ් රේඩියෝව තාවකාලිකව අත්හිටුවයි!
පාඩු ලබන රූපවාහිනියෙන් අරින වෙබ් රේඩියෝව