කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය නැවත යථාතත්ත්වයට පත්කර තිබේ
(පෙර පුවත: 2022.11.09, පෙ.ව. 11.58
කටුනායක ආගමන විගමන පරිගණක පද්ධතියේ දෝෂයක්
කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ බිඳ වැටීමකට ලක් වී ඇත.
ඒ හේතුවෙන් මගීන්ගේ විදේශ ගමන් බලපත්‍ර ආගමන විගමන නිලධාරීන් පරිගණක පද්ධතිය නොමැතිව පරීක්‍ෂා කරන බව ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවාය.
එම පරිගණක පද්ධතිය හැකි ඉක්මනින් යථා තත්වයට පත්කිරීමට පරිගණක ඉන්ජිනේරුවන් කටයුතු කරමින් සිටින බව ද ඒ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.