ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා විපක්ෂයට එක්වීමට තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව පැවසීය.
රටේ අනාගතය වෙනුවෙන් හා රටේ ආර්ථිකය වෙනුවෙන් ලබන ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බව ද ඒ මහතා කියා සිටියේය.