පුවත්

කල්ප ගුණරත්න අත්අඩංගුවට ගැනිම ගැන සජබෙන් නිවේදනයක්

Published

on

පසුගිය බ්‍රහස්පතින්දා (03) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා අත්තනෝමතික ලෙස පොලිස් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිවේදනයක් නිකුත් තර තිබේ.

එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ මෙම සිදුවීමේ දී පොලිසිය ක්‍රියා කළ ආකාරය ප්‍රශ්නකාරී බව ලැබී ඇති තොරතුරුවලින් පැහැදිලි වන බවත් එ් හේතුවෙන් මේ පිළිබඳ ව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට වහාම මැදිහත් වන ලෙස වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවය.

මධ්‍යවේදියකුට පමණක් නොව රටේ ඕනෑ ම පුරවැසියකුට පුරවැසි මාධ්‍යකරුවකු ලෙස කටයුතු කිරීමේ නිදහස පාගා දැමීමට හෝ මර්ධනය කිරීමට නොහැකි බව මෙමගින් පෙන්වාදී තිබේ.

තවද කල්ප ගුණරත්න මහතාට සාධාරණය ඉටු කිරීම සඳහා සමගි නීතිඥ සංගමයට අවශ්‍ය සහය ලබා දෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතා විසින් උපදෙස් ලබා දී තිබෙන බව එම නිවේදනයේ සඳහන්ය.

මේ අතර පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන හිරිහැර කළ මාධ්‍යවේදී කල්ප ගුණරත්න වෙනුවෙන් “ජනමාධ්‍ය සාමූහිකය” ප්‍රමුඛ මාධ්‍ය සංවිධාන පෙනී සිටින විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද උදෑසන 09.30 ට මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්වීමට නියමිතය.

සබැඳි පුවත්

Trending

Exit mobile version