පසුගියදා කළුතරදී සිදුවූ 16 හැවිරිදි දැරියගේ මරණයට සම්බන්ධ විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.
(පෙර පුවත: 2023 මැයි 11, ප.ව. 05:59)
කළුතර සිසුවියගේ මරණයට හෝටල් අයිතිකරුගේ බිරිඳ අත්අඩංගුවට
පසුගියදා කළුතරදී සිදුවූ 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සිද්ධියට සම්බන්ධ හෝටලයේ හිමිකරුගේ බිරිඳ බව පොලිසිය පවසයි.
ඇය සිද්ධිය වූ දිනයේදී එම හෝටලයේ සේවය කරමින් සිට ඇති අතර, දැරියව ඇතුළත් කරගෙන ඇත්තේ ඇගේ හැඳුනුම්පත නිසි ලෙස පරීක්ෂා නොකර බවට මෙම සැකකාරියට චෝදනා එල්ල වී තිබේ.
පොලිසිය වැඩිදුරටත් පවසා ඇත්තේ සැකකාරියව අද (11) දිනයේදී කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.