පුවත්

ක්ලබ් වසන්තගේ බිරිය හෝමාගමින් කළුබෝවිල රෝහලට මාරු කරයි!

Published

on

අතුරුගිරියේ වෙඩි තැබීමෙන් මියගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තාගේ බිරිඳ වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ.

ඊයේ (08) උදෑසන අතුරුගිරිය නගරයට ආසන්නයේ විවෘත කිරීමට නියමිත රූපලාවණ්‍යාගාරයකට පැමිණි අවස්ථාවේදී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකුගේ වෙඩි පහරින් මැණික් විජේවර්ධන තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබුණි.

පසුව ඇය ශල්‍යකර්මයක් සඳහා යොමු කොට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇයගේ තත්ත්වය අසාධ්‍ය බැවින් කළුබෝවිල ශික්ෂණ රෝහලට මාරු කර යැවීමට වෛද්‍යවරුන් පියවර ගෙන ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

එම වෙඩි තැබීමෙන් වයස අවුරුදු 55ක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සහ වයස අවුරුදු 37ක් වූ නයන වාසුල විජේසුරිය මියගිය බව පොලිසිය පැවසීය.

වෙඩි තැබීමෙන් ජනප්‍රිය ගායිකා කේ. සුජීවාගේ පාදයකට බරපතල හානි සිදුව තිබේ.

Trending

Exit mobile version