පුවත්

ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ට අධිකරණයෙන් දුන් නියෝගය

Published

on

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තවත් සිව්දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින සැකකාරියක ඇතුළු සැකකරුවන් 11දෙනා අද (20) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත යළි රැගෙන එන ලදී.

පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ආ බව වාර්තා වේ.

ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ව සැප්තැම්බර් 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එම ඝාතනය සම්බන්ධයෙන් 11 දෙනෙක් මේ වන විට අත්අඩංගුවේ පසුවේ

ඔවුන්ව අද (20) දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සිදුවිය

Trending

Exit mobile version