අධිකරණයට අසත්‍ය දිව්රුම් පෙත්සමක් ඉදිරිපත් කළ බව වැටලීම කළ පොලිස් නිලධාරියා පිළිගැනීම හේතූවෙන් හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රමුඛ පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘වෙලේ සුදා’ගේ සමීප සගයකු බව කියන පුද්ගයකු කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (18) නිදොස් කොට නිදහස් කළේය.
අත්අඩංගුවට ගත් හෙරොයින් කිරා බැලු ආකාරය පිළිබඳ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප්‍රදීප් ජයකොඩි මහතාගේ හරස් ප්‍රශ්න වලදී තමා මහෙස්ත්‍රාත් අධිකරණයට අසත්‍ය දිව්රුම් පෙත්සමක් ඉදිරිපත් කළ බව වැටලීම කළ පොලිස් නිලධාරියා පිළිගැනීම නිසා විත්ති වාචක නොකැඳවාම විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි සඳහන් කරමින් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ ප්‍රමුඛ පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘වෙලේ සුදා’ගේ සමීප සගයකු බව කියන ඉනෝම මිදුලංග නමැත්තාය.
2011 ජනවාරී 22 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දෙහිවල නැදිමාල ප්‍රදේශයේදී හෙරොයින් ග්රෑම් 4.64ක් ළඟ තබාගැනීම සහ ජාවාරම් කිරීම යටතේ නීතීතිවරයා විසින් නඩු පවරා තිබිණි.
මූලාශ්‍රය – ලංකාදීප