වාහන ආනයනය පිළිබඳ අද රටේ මාෆියාවක් ක්‍රියාත්මක වන බව තමා කළ සමීක්ෂණයකදී හෙළිදරව් වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.
ඇතැම් කුප්‍රකට වාහන ආනයනකරුවන් ලබන වසරේ සිට වාහන ආනයනයට රජය අවසර දුන් බවට ප්‍රචාරය කර වාහන මිල දැක්වෙන වෙළෙඳ දැන්වීම්ද ප්‍රදර්ශනය කරන බව ඔහු කියා සිටී.
ඔවුන් ජනතාව තුළ වාහන ආනයනය කිරීමට ඉඩ ලැබී ඇති බවට අදහසක් ඇති කරනුයේ දැනට රට තුළ ඇති වාහන අඩු මිලකට මිලදී ගැනීම සඳහා උපක්‍රමයක් වශයෙනි.
එහිදී අලුත් වාහන පිළිබඳ බලාපොරොත්තු දල්වා ගන්නා පෞද්ගලික වාහන හිමියන් තමන් පාවිච්චි කරන වාහන අඩු මිලට විකුණා දැමීමේ ප්‍රවණතාවක් ඇතිවනු ඇත.
රජය වාහන ආනයනයට මෙතෙක් අවසර දී නැති අතර අවසර දෙතොත් තීරු බදු විශාල ලෙස ඉහළ නංවා වාහන ආනයනයට අවසර දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එවිට රට තුළ වාහන මිල ඉහළ යන අතර අඩු මිලට වාහන ලබාගෙන රැස්කරගෙන ඇති ව්‍යාපාරිකයන්ට තමන් ළඟ ඇති වාහන ඉහළ මිල ගණන්වලට අලෙවි කර විශාල ලෙස ලාභ ලබා ගැනීමට අවස්ථාව උදාවෙන බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.
වර්තමානයේ රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව පාලනයකින් තොරව වාහන ආනයනයට අවසර නොලැබෙනු ඇතැයි පවසන මහාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ රජය කළ යුතු වන්නේ පොදු වාහන ආනයනයට අවසර දී ජනතාවට සහන සැලසීම බවය.
මූලාශ්‍රය – දේශය