පුවත්

කුරුණෑගල වෛද්‍යවරුන්ට පහරදුන් සැකකරු අත්අඩංගුවට

Published

on

පසුගියදා කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකුට සහ වෛද්‍යවරියකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, දඹුල්ල ප්‍රදේශයේදී මෝටර්රථයකින් ගමන්කරමින් සිටියදී ඔහුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු ගමන්කරමින් සිටි මෝටර් රථයද පොලිස් භාරයට ගෙන ඇතැයි ද වාර්තා වේ.

පසුගිය 08 වනදා කුරුණෑගල රෝහලේ අංක 72 වාට්ටුවේ රාජකාරියේ නිරතව සිටියදී වෛද්‍යවරියකට සහ වෛද්‍යවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණු අතර, සැකකරුව අත්අඩංගුවට ගන්නා මෙන් ඉල්ලමින් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරුන් ඊයේ දිනයේදී එක්දින වැඩවර්ජනයක ද නිරතවිය.

Trending

Exit mobile version