පුවත්

කෙහෙළියට පාර්ලිමේන්තුවට යන්න බෑ කියලා

Published

on

අද (07) දිනයේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීම කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීම සඳහා කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අවසර ලබාදුන්නද ඔහු විසින් එලෙස සහභාගීවීම ප්‍රතික්ෂේප කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටී.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටී.

ඒ මහතා මේ වනවිට පරිසර අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වී ඇති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගෙන ඇති බවද වාර්තා වේ.

Trending

Exit mobile version