මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දේශපාලනයෙන් තාවකාලිකව ඉවත් වීමට තීරණය කර තිබේ.
සිය දේශපාලනයේ ඉදිරි ගමන ගැන පාක්ෂිකයන්ට දැනුම්දීම වෙනුවෙන් මහනුවරදී ඊයේ (13) පැවැති රැස්වීමකදී ඔහු මේ බව අනාවරණය කලේය.
අධිකරණ තීන්දුව ලැබෙන තෙක් තමන් මේ තීරණය ගත් බව ඔහු එහිදී ප්‍රකාශ කලේය.
ව්‍යාපාරිකයෙකු ලෙස තමන් හරි හම්බකරගත් මුදල්වල වටිනාකමට වඩා දේශපාලනයේ නිරතවීමෙන් ලද ජනතා ආදරය වටින බව හිටපු අමාත්‍යවරයා සඳහන් කලේය.
එමෙන්ම නිර්දෝෂි පුද්ගලයෙකු ලෙස නැවත දේශපාලනයට පිවිසීමට තමා බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.