24 වන වරටත් ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය මඟින් සංවිධානය කළ 2023 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රන ශාලාවේදී අද (22) පෙරවරුවේ විවෘත කෙරුණි.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උත්සවය පැවති අතර ඒ සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස ඇමරිකානු කොන්ග්රස් පුස්තකාලයේ පුස්තකාලාධිපති ජෝතිකා භාම්බ්‍රි (Jyotika Bhambri) මහත්මිය ඇතුළු දෙස් විදෙස් ආරාධිතයෝ රැසක් එක් විය.
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය ආරම්භ කළ “දරු දිරිය ශිෂ්‍යත්ව“ අරමුදල යටතේ සිසු සිසුවියක් 05ට ශිෂ්‍යත්ව ප්රදානය කිරිමද මෙහිදී සිදුව ඇත.