පුවත්

කෝටි 28ක යාත්‍රා වෙරළාරක්ෂකයේ මුල්ලක

Published

on

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ රුපියල්  කෝටි 28කට වැඩි වටිනාකමකීන් යුත් නෞකා ඇතුළු යාත්‍රා 07ක් කාලයක සිට අක්‍රීයව පැවතුණද ඒවා අලුත්වැඩියා කර සේවයේ යෙදවීමට කටයුතු කර නොමැතී බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක දැක්වේ.

තවද ඕස්ට්‍රේලියානු වෙරළාරක්ෂක බලකාය විසින් පරිත්‍යාග කළ රුපියල් දෙකෝටියකට අධික යන්ත්‍රෝපකරණ මූල්‍ය නොවන වත්කම් යටතේ මූල්‍ය ප්‍රකාශනවලට ගෙන නොතිබුණු බවද එය හෙළිදරව් කිරීමටද කටයුතු කර නොතිබූ බව එම විගණන වාර්තාවේ සඳහන් කර ඇත.

එසේම ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් පරිත්‍යාග කෙරු නෞකාවක සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පරිත්‍යාග කර තිබූ යාත්‍රාවක දළ වටිනාකම හත් කෝටියක් ලෙස තක්සේරු කර තිබුණද එම වටිනාකම මූල්‍ය ප්‍රකාශනවලට ගෙන නොතිබූ බවද ජාතික විගණන කාර්යාලය විසින් පවසයි.

මෙම තොරතුරු සඳහන් කර ඇත්තේ 2022 වර්ෂයට අදාළ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

Trending

Exit mobile version