පුවත්

ඛනිජ ගවේෂණ ස්ථාන වෙන්දේසියට සමුළුවක්

Published

on

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් ඛනිජ සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අනාවරණය වේ.

දැනට ලබාදී තිබෙන ඛනිජ ගවේෂණ බලපත්‍ර මේ වනවිට අනීතික ලෙස අවලංගු කර ඇති අතර, එම ගවේශණ ස්ථාන වෙන්දේසි කිරීම සඳහා මෙම සමුළුව පැවැත්වීමට නියමිත බව පැවසේ.

එලැඹෙන ඔක්තෝබර් මාසයේදී  බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම වෙන්දේසිය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම සමුළුවට ආයෝජකයින් 1,000 ක් පමණ පැමිණෙතැයි ගණන් බලා තිබෙන අතර “සමුළුව පැවැත්වෙන දෙදින තුළ එක් දිනකට එක් අයෙකුට සංග්‍රහ වියදම් ලෙස රු. 10,000ක මුදලක් වැය කිරීමට නියමිතය. අදාල සමුළුවට    රු. මිලියන 40 ක පමණ මුදලක් වැය වෙතැයි ගණන් බලා තිබේ.

ඛනිජ ගවේෂණයට අදාලව දෙස් විදෙස් සමාගම් විසින් පසුගිය කාලයේදී රුපියල් මිලියන ගණනන් වැයකර ඛනිජ ගවේශණ බලපත්‍ර ලබාගෙන තිබියදී අනීතික ලෙස ගවේෂණ බලපත්‍ර අවලංගු කර ඇති බව ද පසුගියදා පැවැති කෝප් කමිටුවේදී ද අනාවරණය විය.

Trending

Exit mobile version