ගංවතුර පැවති ප්‍රදේශවල මී උණ ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, වැඩි අවදානම් සහිත ප්‍රදේශ ලෙස රත්නපුර, ගාල්ල, කළුතර, කුරුණෑගල, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්ක හඳුනා ගෙන ඇති බවය.
වසරේ ගත වූ කාලය තුළ මෙරටින් මී උණ රෝගීන් 10,000ක් පමණ වාර්තා වී තිබේ.
එමෙන්ම, මී උණ හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයින් 120 ත් 200 ත් අතර සංඛ්‍යාවක් මිය යන බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
ඇස් රතුවීම, උණ, මුත්‍රා පිටවන ප්‍රමාණය අඩුවීම, අධික හිසරදය හා මස්පිඩු වේදනාව, මී උණ රෝගයේ ලක්ෂණය.
එම රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් රෝහල් ගත වන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.