හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතාගේ ලේකම්වරයෙකු විසින් භාරදුන් ලියාපදිංචි නොකරන ලද එකලස් කළ සුඛෝපභෝගී ජීප් රථයක් සන්තකයේ තබාගත්තැයි චෝදනාව මත තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මහනුවර ගාල්තැන්න ප්‍රසිද්ධ කපුතැන වන ගාමිණී ආනන්ද නැමැත්තා ලබන 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තැබීමට තෙල්දෙණිය වැඩබලන මහේස්ත්‍රාත් ස්වර්ණා කරලියද්ද මහත්මිය නියෝග කළාය.
වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ගේ පෞද්ගලික ලේකම්වරයා විසින් මෙම ජීප් රථය සති කිහිපකට පෙර අදාළ ස්ථානයට ගෙනැවිත් දැමූ බව දේවාගැතිවරයාගේ පුත්‍රයකු පවසා තිබූ අතර පොලිසිය නොමඟ යැවීමේ අරමුණින් ඔහු එසේ ප්‍රකාශ කර තිබෙන බව පසුව අනාවරණය විය.
මහනුවර පිලපල ප්‍රදේශයේ කාන්තාවකට අයත් ජීප් රථයක අංකය භාවිත කරමින් මෙම ජීප් රථය සැකකරු ඇතුළු පවුලේ උදවිය ධාවනය කර තිබෙන බවට තොරතුරු හෙළිව තිබෙන බව පොලිසිය පවසයි.
මෙම දේවගැතිවරයා රන් කිලෝ හතරක පහක පමණ ප්‍රමාණයක් පැලඳ ප්‍රසිද්ධ ස්ථානවල සැරිසරන අතර පසුගිය කාලයේ දී ගාල්තැන්නේ පිහිටි ඔහුගේ දේවාලයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදීමට මධ්‍යම පළාතේ හිටපු ඉහළ පොලිස් නිලධාරීන් කටයුතු කර තිබිණි.
මෙම දේවගැතිවරයා සතුව ඩිෆෙන්ඩර් ජීප් රථ ඇතුළු වාහන ගණනාවකින් සමන්විත වාහන අංගනයක් තිබෙන බවත් කොටස් එකලස් කර සකස් කරන ලද වාහන කිහිපයක් ඒ අතර තිබෙන බවට ලද තොරතුරු මත පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා සම්බන්ධව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කරන බව තෙල්දෙණිය මූලස්ථාන පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.