ගාසා තීරයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 17දෙනාගෙන් මේ වනවිට 11දෙනෙකු ඊජිප්තුවට පැමිණ ඇති බව පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය පවසයි.
රෆා පිවිසුම හරහා ඊජිප්තුවට පැමිණි ඔවුන් මේ වනවිට එරට හෝටලයක රැඳී සිටින බව එම කාර්යාලයේ ප්‍රධානී බෙනට් කුරේ මහතා කියා සිටියි.
ඔවුන් ශ්‍රී ලංකාවට එවීම සදහා අවශ්‍ය කටයුතු ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සිදුකරනු ඇති බවද ඔහු වැඩිදුරටත් පවසයි.
ගාසා තීරය තුළ ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු රැඳී සිට ඇති අතර ප්‍රදේශයේ පවතින අනාරක්ෂිතභාවය හේතුවෙන් ඔවුන්ගෙන් සිව්දෙනෙකුට රැදී සිටින ස්ථානයෙන් ඉවත් වීමට නොහැකි වී තිබුණි.
(මූලාශ්‍රය : අද දෙරණ)
සබැඳි පුවත් :
ගාසාහි සිරවී සිටි ලාංකිකයින්ට ඊජිප්තුවට ඇතුළුවීමට අවසර