පුවත්

ගැටුමකට ආ සහිරා සිසුන් 19ක් අත්අඩංගුවට!

Published

on

ගැටුමකට පැමිණි  මරදාන සහිරා විදුහලේ පාසල් සිසුන් දහනම දෙනෙකු හා සිවිල් පුද්ගලයෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය හත්වැනි දා මරදාන සහිරා විද්‍යාලය හා  බොරැල්ල වෙස්ලි විද්‍යාලය අතර වැල්ලවත්ත කුරේ ක්‍රිඩාංගනයේ දි  පවත්වන ලද පාපන්දු තරඟය අතරතුරදී ඇතිවූ ගැටුමට අදාලව නැවතත් ගැටුමක් ඇති කර ගැනීමට මෙම පිරිස බොරැල්ල ප්‍රදේශයට පැමිණ ඇති බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සිසුන් දහනම දෙනාගෙන් දහදෙනකු බාලවයස්කාර සිසුන් වන බැවින් ඔවුන් පොලිස් ඇප මත  මුදාහැරීමට පොලිසිය කටයුතු කර ඇත.

ඉතිරි සිසුන් නමදෙනා හා සිවිල් පුද්ගලයා විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව අද (12) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ. 

Trending

Exit mobile version