පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය තුළ සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
සිරුර සිසිල් කරවන ආහාර මෙම දිනවල වැඩි වශයෙන් ලබාගත යුතු බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ, පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය කියා සිටී.
අවදානම් කාණ්ඩ ඒ පිළිබඳ විශේෂ සැළකිල්ලක් දැක්විය යුතු බව ද, විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය සඳහන් කළා ය.
ගෙවුණු පැය 24 (1) තුළ උපරිම උෂ්ණත්වය කුරුණෑගලින් වාර්තා වී ඇති අතර එය 35.8 °C ලෙස සටහන් වී ඇත.
මේ අතර, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.