පුවත්

ගොවි ආයතනයට ඇමැති රැකවලුන්ගෙන් කෝටියක පොල්ලක්

Published

on

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ නේවාසිකාගාරය එවකට අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීන් සඳහා කුලියටදී රුපියල් කෝටියකට ආසන්න හිඟ කුලී මුදලක් අයකරගෙන නැති බව වාර්තා වේ.

මෙම මුදල අයකරගෙන නැතැයි පැවසෙන්නේ 2015 මැයි මාසයේ සිට 2018 ජුලි මාසය දක්වා කාලය වෙනුවෙනි.

එසේම එම හිඟ මුදල සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නීතිමය පියවරක් ගෙන නැතැයිද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් විගණනයට කරුණු දක්වන එම ආයතනයේ ප්‍රධානීන් පෙන්වා දෙන්නේ, එවකට සිටි කෘෂිකර්ම අමාත්‍යවරයාගේ වාචික නියෝගය අනුව ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සඳහා එම නේවාසිකාගාරය පාවිච්චි කිරීමට අවසර දුන් බවය.

කෙසේ වෙතත්, ඒ සඳහා බිල්පත් නිකුත් කර නොතිබූ බවත් නේවාසිකාගාරය කුලියට ගත් නිලධාරීන් පවා සොයාගැනීමට නොහැකිවී ඇති බවත් ඔවුන් පෙන්වා දේ.

එම නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඒ වෙනුවෙන් මුදල් අය කර ගත යුතු වගකීම නිලධාරීන්ද සොයා ගැනීමට නොහැකිව ඇති බවය.

Trending

Exit mobile version