පුවත්

ගෝඨා රට පාලනේ කළේ නඩු කිහිපයක් ඉවත් කර ගන්න

Published

on

යම් හෙයකින් ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර දිසානායක ජනාධිපති බවට පත් වුවහොත් ඔහු එම ධූරය දරන්නේ උපරිම මාස 6 ක පමණ කාලයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

2000 වසරේ පාර්ලිමේන්තුවට පිවිසි අනුර දිසානායක මන්ත්‍රීවරයා ජනතාව වෙනුවෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත් මන්ත්‍රීවරයෙක් බව ඇය එහිදී සඳහන් කර සිටියාය.

එවැනි අයෙක්ගෙන් වත්මන් ශ්‍රී ලංකාව දියුණු කළ හැකි බව විශ්වාස කළ හැකිද යන්න ඇය ප්‍රශ්න කර සිටියාය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ධූරය දරන්නේ උපරිම අවුරුදු 2 ක කාලයකට බව තමා මීට පෙර ප්‍රකාශ කළ බවත්, ඔහු ජනාධිපති බවට පත් වූයේ තමන්ට එරෙහිව පැවති නඩු කිහිපය ඉවත් කර ගැනීමට බවත් ඇය එහිදී පවසා සිටියාය

ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළේ සජබ නායක සජිත් ප්‍රේමදාස යනු කිසිඳු වරදක් නොකළ ඉතා පිරිසිඳු දේශපාලඥයෙක් බවය.

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙම අදහස් පළ කළේ ,ඊයේ (28) මීරිගම ප්‍රදේශයේ පැවති සජබ දේශපාලන ජන හමුව අමතමිනි.

Trending

Exit mobile version