පුවත්

චීනයෙන් ණය ගන්න තිබියදී ණය නොගත් කතාව කබ්රාල් හෙළිකරයි

Published

on

2022 වසරේ චීනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලැබීමට නියමිතව තිබියදී රට බංකොලොත් බවට ප්‍රකාශ කර ණය ගෙවීම පැහැරහැරීම කුමන්ත්‍රණයක් බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

රටේ සිදුවූ මූල්‍ය බංකොලොත් භාවයට හේතුවූ කරුණු පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ප්‍රකාශයක් සිදුකරමින් ඒ ඔහු මේ බව සඳහන් කළේය. 

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා,

“ගොඩක් අය හිතුවා IMF නැතුව වෙනත් සැලසුමක් නැහැ කියලා. ඒ කාලය තුළදී අපි ලබාගත් සම්පූර්ණ විදේශීය ආදායම් මිලියන 4,950. දැන් IMF හරහා වසර 4කින් ලබාගන්න බලාපොරොත්තු වෙන්නේ මිලියන 2,900යි. මිලියන 4,950ක් අරන් තිබුණා ඒ වෙලාව වෙනකොට ණය ගෙවන්නයි අනෙක් දේවල්වලටයි. මහ බැංකුවේ මිලියන 50ක් ඉතිරිවූ කතාව අසත්‍යයක්. මාර්තු මාසයේ අග මිලියන 1,917ක් තිබුණා.” 

“චීනයෙන් ණය ගැනීමට චීනයට කතා නොකර ණය පැහැර හැරීම නිවේදනය කළා. මේක කුමන්ත්‍රණයක්.”

(අද දෙරණ)

Trending

Exit mobile version